පාසල් ගීතය
තිහගොඩ මැදි විදුහල් මාතා
ගයමු මව්නි ඔබෙ ගුණ ගීතා
සිපිමු පුදමු ඔබෙ සිරිපද සැමදා
රකිමු වඩමු යස කිතුනම නිබදා
වෙමු ඔබෙ සිසු දරුවෝ//
ශූර වීර ධීර වූ අපරාජිත
ඥාන බාහු බල සිරිනි විරාජිත
තරුණ පෙළක් හදමු//
රටට දැයට සමයට වැඩදායක
පුරවැසියන් වීමෙන් ජනනායක
අපි ඔබේ නම රකිමු//
රුහුණ පුරා පතුරා ආලෝකය
හෙළය එළිය කරමින් නව ලෝකය
නිතින මව්නි සැරදේ//